කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුට නිකුත් කර තිබූ විදේශ ගමන් තහනමක් ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජනරාල්වරයාට ව්‍යාජ ලිපියක් නිකුත් කිරීමේ චෝදනා මත මෙම රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන්.

Exit mobile version