“මන්නා රොෂාන්” සහ ඔහුගේ ගෝලයාගේ මළ සිරුරු පොලීසිය විසින් අද අලුයම සොයාගනු ලැබූ අතර පොලීසිය පවසන්නේ මත්කුඩු ගනුදෙනුවක් සඳහා ඔවුන් දෙදෙනා පාදුක්ක තුන්තාන වෙන්දේසී වත්තට පැමිණි සිට ඇති අතර එහිදී කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
දැනට ඩුබායිහි සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් මත්කුඩු ලබාගැනීමට ඔවුන් එම ප්‍රදේශයට පැමිණ ඇති බවට පොලීසිය පවසයි.
ඔවුන් සැක පළකරන්නේ ලලිත් කන්නන්ගර නැමැත්තාට ඒ සඳහා මුදල් ලබාදීමෙන් පසු ඔහුගේ මෙහෙයවීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්වූ මන්නා රොෂාන් නැමැත්තා හංවැල්ල නිරිපොල පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු 2019 වසරේ බෝම්බයක් ළඟ තබාගැනීම සහ විවිධ අපරාධ සඳහා බන්ධනාගාරගතව සිටි අයෙකි.
ඝාතනයට ලක්වූ ඔහුගේ ගෝලයා කලුඅග්ගල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් නිමේෂ් නැමති එක්දරු පියෙකි.
ඔහු ප්‍රදේශයේ තැඹිලි වෙළෙන්දෙක් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.