උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයෙකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයෙකු හබරාදූව සංචාරක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව මත පහරකෑමට ලක්වූ එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.