එකම දුම්රිය පස් වතාවක් පීලි පැනලා.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් වූ බව වාර්තා වේ .

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසුවේ එම දුම්රියෙහි මැදිරි 04 ක් පීලි පැනීමකට ලක්ව ඇති බවත් , මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ එකම දුම්රිය කට්ටලයම මෙම මාසය තුළ පමණක් අවස්ථාවන් 5 දී නාවලපිටිය හා බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන අතරම පිලී පැනීමකට ලක්වීම බවත් ය.

Exit mobile version