ලොකු ලොක්කෝ නිදා සිටියදී නුවර රත් කළ වලිය.

මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවයි.

දුර බැහැර ඈත ප්‍රදේශවල සිට එහි පැමිණ දින කිහිපයක් තිස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටි පිරිසක් සහ අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබේ.

මේ අතර මේ පිළිබඳව කළ සොයාබැලීමකදී වාර්තාවූයේ සංවිධානාත්මක කල්ලියක් විසින් එම ස්ථානයේ පෝළිමේ රැඳී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් නීතිවිරෝධී ලෙස මුදල් අයකරගන්නා බවයි.

මේ සඳහා මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළින්ම සහාය ලැබෙන බවට පැමිණ සිටින ජනතාව චෝදනා කරති.

Exit mobile version