ශිෂ්‍යත්වය ප්‍රශ්න පත්‍රය එළියට පැනලා.

ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) පැවැත්වුණු අතර එම විභාගය අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිට වී තිබූ බව වාර්තා වේ .

එලෙස පිට වී ඇත්තේ අංක 218013 දරන දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍ර බව සඳහන් .

විභාගය නිම වී ප්‍රතිඵල පිටවන තෙක් වන මාස දෙකකට අධික කාලයේ දී එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය ලේඛන වන අතර ඊට පෙර එය ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම නීතිය 2017 වර්ෂයේදී එවකට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගේ කාලයේ දී හඳුන්වා දුන් අතර එවැනි නීතියක් හඳුන්වා දෙන ලද්දේ විභාගය අවසන් වීමෙන් පසු විශේෂයෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වළක්වාලීමටයි.

මෙම නීතිමය තත්ත්වය හඳුන්වා දුන් වර්ෂයේ සිට විභාගයට පෙර අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ප්‍රසිද්ධියට පත්කර ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානයට යොමු කරන නමුත් මෙවර එවැනි දැනුවත් කිරීමක් දෙපාර්තමේන්තුව නොකළ බව සඳහන් .

එමෙන්ම ඊයේ (15) පැවති විභාගයට පෙනී සිටීමට නියමිත වූ ශිෂ්‍ය සංඛ්‍යාව ද නිල වශයෙන් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් නොකරන ලදී.

.

Exit mobile version