හරක් කටාගේ ආරක්ෂාව තර කෙරේ.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සාහ කළ බව කියන සිද්ධියෙන් අනතුරුව හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කර තිබේ .

විශේෂ කාර්ය බළකායේ 10 ට ආසන්න කණ්ඩායමක් හරක් කටාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

ඉකුත් 10 වැනිදා පස්වරුවේ හරක් කටා , එහි ආරක්ෂාවට යොදා සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂවරයකුගේ ගිනි අවියක් උදුරාගන පලා යාමට උත්සාහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගේ ආරක්ෂාව මෙලෙස තරකර තිබේ.

Exit mobile version