කූඨ ලේඛන සැකසූ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩකරවිට ,පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ව්‍යාජ නිල මුද්‍රාවක් සහ අත්සන් යොදා වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ රජයේ බැංකුවකට මෙම සැරයන්වරයා ලිපි ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.