එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූයේ වංචාව,දූෂණය ,කප්පම,අල්ලස…ආදී සියල්ලම සමගයි. සාගර හා නාවික නීතිය පිළිබඳ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර සමග ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදුකළ අන්තර්ජාල සාකච්ඡාවේදී මේ පිළිබඳව විවිධ කරුණු අනාවරණය කරන ලදි.
ඩෑන් මාලික ප්‍රකාශ කර සිටින්නේ තමා ට්‍රයිකෝ නම් සමාගම වෙනුවෙන් පෙනී සිටි බැවින් නීති ක්ෂේත්‍රයට සම්බන්ධ වූවන්ට තමා පෙන්නන්න බැරි බවත් සමහර කමිටුවලින් පවා තමා ප්‍රතික්ෂේප වූ බවත් මැරිටයිම් ලෝයර්ස්ලගෙන් උනත් PHD උපාධියක් ඇති නමුත් ලංකාව තුළ කිසිදු පිළිගැනීමක් තමාට නොමැති බවත් ය.
එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි 18 ජැපර්ලලි කියන වරායෙන් පිටවී එන අතරමගදී යම් කිසි ලීක් එකක් සිදු වී ඇති මුත් හමාඩ් වරාය මෙන්ම ඉන්දියාවේ හෂීනා වරායේදී මෙහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට නොහැකි බව පවසමින් විවිධ හේතු දැක්වූ බවත් මෙවැනි ලීක් එකක් ඇති බවට Email එකක් මගින් හාබර් මාස්ගෙ කණ්ඩායමට දැනුම් දුන් අතර එහිදී ඔවුන්ගේ පිරිසක් ගොස් මෙම නෞකාව පරික්ෂා කළ බවත් ප්‍රකාශ කර සිටී.
එසේම මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 මැයි 21 දින ගිනිබත් වූ අතර ප්ලාස්ටික් පැලෑටි සම්බන්ධයෙන් වූ විශාලම අනතුර මෙය බවත් විද්‍යාත්මක කමිටුවලට මෙම නෞකාව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ඇතුළු රාජය්‍ය ආයතන ඉඩ නොදුන් බවත් පවසා සිටී.
එමෙන්ම විද්‍යාත්මක කමිටුවල ගණනය කිරීම් සාධාරණ නමුත් එය ඩොලර් බිලියන 6.2කින් අවසන් නොකර ඉදිරියට යාමට හැකියාව තිබේ. ලංකාවේ නීති රාමුව තුළ මෙම නඩුව දැමීමට හොද ප්‍රවණතාවයක් තිබුණත් කැබිනට් එකට දන්වා තිබෙන ආකාරයට ඩොලර් බිලියන 4.5ක ණයක් ගෙන සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානමක් පවතින බවට අනාවරණය වේ.
එමෙන්ම නැව අයිති රටටම ගොස් නඩු දානවා කියන්නෙ “හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ ” කටයුත්තක් බැවින් වරදකාරයා ළගටම යෑමට අවශ්‍යතාවක් නොමැති බවත් ප්‍රකාශ කර සිටී.
එමෙන්ම හමාඩ් ,හෂීමා ප්‍රතික්ෂේප කරපු ,රට ඇතුළත ගත්ත,හාබර් මාස්ගේ සියලුම දේ Delete වෙච්ච ,නඩු දාන්න කියලා අවුරුදු 2ක් හිටපු දැන් සිංගප්පූරුවට යාමට සූදානම් වන මෙම මුළු ක්‍රියාන්විතයම සැක සහිත බවත් මාස 3ක් පමණ වූ මංගල ගමන ගිය මෙම නෞකාව පිච්චුනා කියන දේත් සැක සහිත බැවින් නාවික හමුදාව ඇතුළු සියලු දෙනාම මෙහි වෑල් එකක් කවුරුන් විසින් හෝ ගලවා ඇති බවට සැක පළ කරන බවත් ප්‍රකාශ කර සිටී.
එසේම නිව් ඩයමන්ඩ් නෞකාව අනතුරට ලක් වී මාස කිහිපයක් යාමට මත්තෙන් එක්ස්ප්‍රස් පර්ල් නැව අනතුරට ලක් වූ බවත් නිව් ඩයමන්ඩ් නෞකාවේ අනතුරින් මුදල් හුවමාරුවක් වූ බවට වන සැකය මත යම් කිසි ගණුදෙනුවක් වුණා නම් එක්ස්ප්‍රස් පර්ල් කියන්නේ ඊලග ගණුදෙනුවේ පුරුකක් බවත් ඩෑන් මාලක ප්‍රකාශ කළ විට “නිවි ඩයමන්ඩ් නෞකාවේ රහ වැටුණද ?”යන්න චමුදිත ප්‍රශ්න නගයි.
එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වන්නේ,බරපතළ අද්භූත කතා රාශියක් සමග බැවින් බලධාරින් හා රාජය්‍ය ආයතන මේවා අනාවරණය කර යුතු බවත් අවධාරණය කර සිටී.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.