වෙඩික්කරුගේ කුරුමානම වරදී.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී  කායවර්ධන උපදේශකවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇති බව වාර්තා වේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ වැල්ලම්පිටිය  ශ්‍රී ආනන්දාරාම මාවත පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය සඳහන් කර තිබේ.

එම පුද්ගලයා මිතුරන් කීපදෙනෙකු හමුවීම සඳහා උමගිලිය ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියදී කොලොන්නාව දෙස සිට සුදු පැහැති ආරක්ෂක හිස් වැසුම් පැළඳ කළු පැහැති  යතුරුපැදියකින්, කළු පැහැති ජැකට් පැළඳ  පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ඉලක්කකර කළු පැහැති ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට පොලීසිය පවසයි.

Exit mobile version