හදවතේ ගායකයා ලෙස මහත් ජනාදරයට පත් වූ ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සුවය ලබා කළුබෝවිල රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ.
චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ස්වසන අපහසුතාවයක් හේතුවෙනි.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට භාජනය කෙරුණු බවට රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.
මේ අතර චාමර වීරසිංහ මහතා සුවය ලැබුවද තවදුරටත් විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.