ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සූක්ෂම ලෙස වෙනස් කර රුපියල් 2000 ක මුදලක් ජයග්‍රහණය කර ඇති බවට ඒත්තු ගන්වා එම මුදල ලබා ගැනීමට උත්සාහ කළේ යැයි කියන යුද හමුදා සෙබළෙකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් අළෙවි නියෝජිත වරයා සැකකරු අල්ලාගෙන පැමිණ භාරදීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා මෙවැනිම ආකාරයට හොරණ නගරයේ අලෙවි නියෝජිතවරියකද රවටා වංචා සහගත ලෙස රුපියල් 200 ක මුදලක් ව්‍යාජ ටිකට් පතක් ඉදිරිපත් කර ලබාගෙන ඇති බවට පරීක්ෂණවලින් හෙළිවී ඇති බව සදහන්.
මොහු යුද හමුදා කඳවුරක රාජකාරි කරන පයාගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.