හොරණ දොඹඩොඩ යුදහමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද උදෑසන හමුවී ඇති බවට අගුරුවාතොට පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුදහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම්. ටී. ලක්ෂ්මන් නමැති අයෙකි.
මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබේ.