සෙබළාගේ සිරුර කඳවුරේ පොකුණක.

හොරණ දොඹඩොඩ යුදහමුදා කඳවුරේ පොකුණක තිබී සෙබළෙකු ගේ මළසිරුරක් අද උදෑසන හමුවී ඇති බවට අගුරුවාතොට පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 7 වන යුදහමුදා යුධෝපකරණ බළකායට අයත් සාමාන්‍ය සෙබළ ඩබ්ලිව් එම්. ටී. ලක්ෂ්මන් නමැති අයෙකි.

මියගොස් ඇති සෙබළා පසුගිය ඉරිදා ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසීටී බැවින් සොයාබලා ඇතත් හමුව නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සෙබළාගේ නිවසද දැනුවත් කර ඇති බවත් යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබේ.

Exit mobile version