30 වැනිදා කොටස් වෙළඳපොළත් නිවාඩු.

ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ ද එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර  ජුනි 29 සිට ජුලි 3 දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් සහ ජුනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව මහ බැංකු අධිපති අජිත් නන්දලාල් මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

 එමෙන්ම මෙම කාල සීමාව තුළදී ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම සහ Online බැංකු ගණුදෙනු සහ අන්තර්ජාලය හරහා සිදු කරන බැංකු කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version