පරාජය ගැන සහය පුහුණුකරු කී කතාව.

කණ්ඩායමක් ලෙස සියළුදෙනා එක්ව ඉන්දියා කණ්ඩායම හමුවේ ලැබූ පරාජයේ වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසා ඇති බව වාර්තා වේ.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“අපේ පිතිකරුවන් පැත්තෙන් ගත්තොත් මට කියන්න බෑ පන්දුවේ දෝලනයක් තිබුණා. ඒක අපි බලාපොරොත්තු වෙනවා අලුත් පන්දු දෙකක් තියෙන නිසා. සාමාන්‍යයෙන් තරගයකට කලින් අපි ඒ සකස්කිරීම් කරලා තමයි තරගයට ක්‍රීඩා කරන්න එන්නේ. ඒකේ සම්පූර්ණ වගකීමයි වැරැද්දයි අපි බාර ගන්න ඕනේ. “

ඉන්දියාව ලැබූ ලකුණු 302ක දැවැන්ත ජයග්‍රහණය වාර්තා අතරට එක්වූයේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන දැවැන්තම ජයග්‍රහණය ලෙසයි.

Exit mobile version