මහජනතාවට එරෙහි වැඩ වර්ජනය ක්‍රියාත්මකයි!.

අප දන්නා කාලයේ සිටම ශ්‍රී ලංකාවේ වැඩ වර්ජන වලින් පීඩාවට පත් වුයේ මහජනතාවමය. විවිධ ඉල්ලීම් මත ක්‍රියාත්මක වැඩ වර්ජන වල ඉල්ලීම් වලට ඇතුලත් වුයේ ශ්‍රී ලංකාව දියුණු කිරිමේ ක්‍රම නොවේ. ඒවායෙහි ඇතුලත් වුයේ මහජනතාවගෙන් වැටුප් ලබනා රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික ඉල්ලිම්ය. ඒ අතර විධායක පන්තිය සහ සාමාන්‍ය පන්තිය අතර වැටුප් විෂමතා ඇතිකිරීම, රාජ්‍ය සේවය විනාශ කරනා දූෂිත උසස්වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂන මෙන්ම, වැඩ වර්ජන පිලිබදව සාදාරණීකරණය කල හැකි වුවත්, වැටුප් වැඩි කිරීම්, වැඩි වැටුප් ගන්නා රාජ්‍ය සේවකයන්ගෙන් බදු අය කිරිම් වැනි මහජනතාවගේ බදු මුදලට තට්ටු කරනා වැඩ වර්ජන සාධාරණිකරණය කල නොහැක.

රාජ්‍ය සේවකයන් අද වැඩ වර්ජනය කරන්නේ රජයට එරෙහිවය. රජය යනු මහජනතාවය. ඔවුන් සිය ඉල්ලීම් ඉල්ලන්නේ මහජනතාවගෙනි. නමුත් රාජ්‍ය සේවකයන් සිතා සිටින්නේ ඔවුන් මෙසේ කටයුතු කිරිමෙන් ජනාධිපතිට හෝ මැති ඇමතිවරුන්ට රිදෙන බවය. නමුත් ඔවුන්ට රිදෙන්නේ නැත. රිදෙන්නේ මෙම රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සදහා බදු ගෙවනා මෙරට සාමාන්‍ය ජනතාවටමය.

කෙසේ නමුත් මෙරට දේශපාලඥයන් තම ඉතිහාසයේ සිටම රටට දායාද කලේ දූෂිත රාජ්‍ය සේවයකි. තම දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ඔවුන් රාජ්‍ය සේවය භාවිතා කළා විනා රට වෙනුවෙන්, රට ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවය භාවිතා නොකලේය. එහි ප්‍රතිපලය ලෙස මේ වන විට සියල්ලම දූෂිත වී අවසන්ය. එසේම මේ කිසිදු රාජ්‍ය සේවකයෙක් රට තුල සිදුවන කිසිදු වංචාවකට, දුෂණයකට, අක්‍රමිකතාවයකට එරෙහිව වැඩ වර්ජන කර නැත.

එබැවින් මේ අවස්ථාවේ කල් යුත්තේ වැඩ වර්ජන වෙනුවට සාමාකාමී ලෙස , සාධාරණ ලෙස, යම්කිසි කාලයක් යන තෙක් රජයට මේ වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ ලබා දිය යුතුය. එසේ නොමැතිව ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරිමෙන් සිදුවන්නේ තව දුරටත් ඔවුන්ටම පිඩා විදීමය. එබැවින් මේ අවස්ථාවේ ඔවුන් කල යුත්තේ වැඩ වර්ජන වෙනුවට මහජන රජය වෙනුවෙන් මාස කිහිපයක කාලයක් ලබා දීමය. එසේ නොකර පීඩිත මහජනතාව තව දුරටත් පීඩාවට පත් කිරීම කිසි සේත්ම නොකළ යුත්තකි. මින් සිදුවන්නේ රජය සහ රාජ්‍ය සේවකයා අතර ගැටුමක් ඇති වීම පමණි.  

Exit mobile version