දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන අයෙක් බවට කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පවසයි.
මොහු රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.