බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂ්‍යයෙකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ කොට්ටාව මත්තෙගොඩ පදිංචි කොට්ටාව ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන බිතික රිසදු නමැති දහතුන් හැවිරිදි දරුවෙකි.
බලපිටියේ වෙසෙන ආච්චි,සීයා බැලීමට ඊයේ(13)කොට්ටාව සිට බලපිටියට පැමිණ සිටියදී මේ දරුවා මේ අනතුරට ලක්වී ඇති බවට ද පොලීසිය පවසයි.
මේ සිසුවා දන්නා හදුනන තවත් දරුවන් දෙදෙනෙක් සමග මාදු ගගේ බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මේ දරුවා හදිසියේ ආ රළ පහරකට ගසා ගෙන ගොස් අතුරුදහන්වී ඇති බව සදහන්.