Gmail ගිණුම් ගැන එක්වරම ගත් තීරණය .

ජීමේල් (Gmail) ගිණුම් මිලියන ගණනක් ලබන මාසයේ දී අක්‍රීය කිරීමට ගූගල් සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින ජීමේල් ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර ජීමේල් ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

මේ හේතුවෙන් ජීමේල් ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.

කෙසේ වෙතත්, මෑතක දී ගූගල් ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බව සදහන්.

Exit mobile version