කරාපිටියේ වෛද්‍යවරයා හදිසියේම ගත් තීරණය .

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. 

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙම සිද්ධිය හේතුවෙන් කලකිරීමට පත්ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බවත් මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබේ.

එහි දී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ද මෙම සංගම් චෝදනා කරයි.

දෙවනුව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මෙම සංගම් දෙක සිය අසතුට ප්‍රකාශ කළේය.

පිළිකා වාට්ටුවේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට මෙම සංගම් ප්‍රකාශ කරයි.

Exit mobile version