සීනිවලට උපරිම මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (21) රාත්‍රීයේදී ඉවත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ මස 3 වැනිදා නිකුත් කළ එම ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් රජයේ මුද්‍රණාලය වෙත අද (21) පස්වරුවේ යොමු කළ බවත් , ඒ අනුව රුපියල් 50 ක නව බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි ආනයනකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය මත සීනි අළෙවි කළ හැකි බවත් සඳහන් .
එමෙන්ම එම ගැසට් නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවකට රුපියල් 275 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 330 ක උපරිම සිල්ලර මිලක් ද, පැකට් කළ සුදු සීනි කිලෝවකට රුපියල් 295 ක සහ රතු සීනි කිලෝවකට රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් ද පනවනු ලැබීය. ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි මෙට්‍රික්ටොන් 18,000 ක් පමණ රටතුළ ඇති බවට මේ වන විට ගණනය කර ඇති බවත් , එම තොග පවරාගැනීමේ කටයුතු වෙළෙඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියයේ උසස් නිලධාරියෙකු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .