ටැපාන ප්රදේශයේ බලපත්ර නොමැතිව වැලි ගොඩ දමා බෝට්ටුවක් ආධාරයෙන් ට්රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු ට්රැක්ටර් රථයක් බෝට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බලකා මහඔය කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (10) දින මහඔය ටැපාන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21ත් ,33 ත් ,34 හා 38 වයස්වල පසුවන හසලක පදියතලාව හා මහඔය ප්රදේශයේ පදිංචිකරුවන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.