අත්හිටවූ වාර විභාග යළිත් හෙට සිට.

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් නව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන් අනතුරුව හෙට දිනයේ සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බවට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Exit mobile version