සිසුන්ට කොටු මිටකින් පහරදුන් ගුරුවරයා.

ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රෝහල්ගත ව සිටින සිසුන්ගෙන් එක් අයෙකුට තදබල ලෙස පහර වැදී ඇති අතර, අනෙක් දෙදෙනා යහපත් තත්ත්වයේ සිටින බව වාර්තා වේ.

මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ, පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.

පාසල් ඉගෙනුම් කාළය තුළ දී එම සිසුන් පිරිස පාසලේ ආපන ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් පන්ති භාර ගුරුවරයා මෙලෙස පහර දී ඇති බවට පාදුක්ක පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පාදුක්ක පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.

Exit mobile version