මෙරට දුරකථන ජනගහණයත් පන්නයි.

මෙරට ජනගහණය දළ වශයෙන් ගත්කල දෙකෝටි විසි එක් ලක්ෂ අසූ එක් දහසකි. නමුත් ජංගම දුරකථන ද ඇතුළුව මෙරට පුද්ගලයන් විසින් දුරකථන තුන් කෝටි දහතුන් ලක්ෂ අසූ දෙදහසක් භාවිතා කරන බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙරට ජනගහණයෙන් පුද්ගලයින් 100 දෙනෙකු භාවිතා කරන ස්ථාවර දුරකථන සංඛ්‍යාව 12 ක් බවත් එය සමස්තයක් ලෙස දළ වශයෙන් විසි හය ලක්ෂ පනස් දෙදහසක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 වාර්ෂික වාර්තාවට අනුව සඳහන් බව වාර්තා කරයි.

තවද ජංගම දුරකථන ද ඇතුළත්ව පුද්ගලයින් 100 දෙනෙකු භාවිතා කරන දුරකථන සංඛ්‍යාව 142 ක් බවත් , අන්තර්ජාල ඝනත්වය පුද්ගලයින් 100 දෙනෙකුට 97.7 ක් බවත් , ඩිජිටල් ජීවන තත්ත්ව දර්ශකය අනුව පසුගිය වර්ෂයේ දී (2022) රටවල් 117 ක් අතුරින් 89 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව සඳහන් .

Exit mobile version