ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි වූ මව සහ දියණිය යතුරු පැදියෙන් සිය නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව සදහන්..
මිය ගොස් ඇත්තේ කරගහවැව,තලාව යන ලිපිනයේ පදිංචිව සිටි නිසංසා නෙත්සරණි විමලසේන (10) නැමති දැරියකි.
ඇය තලාව ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකි.
මෙම අනතුරින් 47 හැවිරිදි දැරියගේ මවද බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඉන්ධන බවුසරයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව සදහන්.