රටක් සළිත කළ ත්‍රිපුද්ගල ඝාතනය .

අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවා ඝාතනය කළ බවට සැකපිට සටන් කලා පුහුණුකරුවෙකු අත්අඩංගුවට ගත් බවට සිඩ්නි පොලීසිය පවසයි.

එම සැකකරු ටයිකොන්ඩෝ පුහුණුකරුවෙකි.

ඔහු විසින් සිය පුහුණු පංති සිදුකරන ස්ථානයේදී පළමුවෙන් 07 හැවිරිදි පිරිමි දරුවා ව සහ ඔහුගේ මව ව ඝාතනය කර පසුව වාහනයකින් ගොස් වෙනත් ස්ථානයකදී දරුවාගේ පියාට පිහියෙන් ඇන ඝාතනය කර තිබූ බව සදහන්.

49 හැවිරිදි එම සැකකරු දකුණු කොරියානු ජාතිකයෙක් වන අතර ඔහු මේ වනවිට කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව සඳහන් ය.

එම රෝහලට පැමිණි විනිසුරුවරයා සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඝාතන පසුගිය සඳුදා සිදුකර ඇති අතර එදින රාත්‍රියේ එම සැකකරු රෝහලට පැමිණ තිබුණේ රථ ගාලකදී තමාට පිහි ප්‍රහාරයක් එල්ල වූ බව පවසමිනි.

නමුත් පසුව හෙළිවී ඇත්තේ එම පුද්ගලයා එදිනම සවස එම ඝාතන සිදුකර අසත්‍ය තොරතුරු ලබාදී රෝහල්ගත වී ඇති බවයි.

Exit mobile version