පාලන මිල නොතකා සහල් අලෙවි කළ වෙළෙන්දන්ට වැඩ වරදියි .

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

එහිදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ කීරි සම්බා සහල් සහ කැකුළු සහල් තොගයක් සොයා ගෙන තිබේ .

මෙම වැටලීමෙන් අනාවරණය වී ඇත්තේ වෙළඳසැල් හිමියන් විසින් පාරිභෝගිකයින්ට පවතින මිලට වඩා ඉහළ අගයකට සහල් අලෙවි කරන බවයි .

Exit mobile version