ගාල්ලේ රැඳවියන් පිටතට ගෙන යාම තාවකාලිකව අත්හිටුවයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් මිය යාම සහ අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා එම බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සති දෙකක කාලයක්  මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා තිබේ.

 බන්ධනාගාර අධිකාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්වලදී  සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කරන බවයි.

Exit mobile version