ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18) සිඩ්නි හි අධිකරණයේ දී කැඳවූ බව වාර්තා වේ .
2022 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී එරට කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ධනුෂ්කව සිඩ්නි හි පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.
ඔහුට එල්ල කර ඇති චෝදනාව වන්නේ අදාළ තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරත වීම යන්නයි. අද (18) අධිකරණයේ දී එම තරුණියගේ පාර්ශවය කරුණු දක්වා තිබූ අතර එහිදී ඇය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේදී ජීවිත බියක් දැනුනු බවයි .
නමුත් ධනුෂ්ක ගේ නීතිඥවරයා එම චෝදනා ප්රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ .