ළමුන් අතර පැණි බීම භාවිතය සීඝ්‍රයෙන් ඉහළට .

මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි රස බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බවට එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කර තිබේ.

Exit mobile version