ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින දෙයි.

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15  යන තෙදින තුළ පැවැත්වෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 4,232කු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව ඇති බව සදහන්.

සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට  කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කර තිබේ.

Exit mobile version