කප්පම් ඉල්ලූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට .

තමන් පතාල නායකයකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචි ව සිටි පෙරපාසල් ගුරුවරියක ගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සුවපුබුදුගම ග්‍රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට වරින් වර දුරකථන ඇමතුම් ලබා දී ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version