අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද මධ්‍යහන 12.30ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු ඔයේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
ඒ අනුව අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් මීටර් 4.64ක් දක්වා වර්ධනය වී තිබේ.
එම තත්ත්වය මීටර් 5.50ක් දක්වා වර්ධනය වුවහොත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමකි.
මේ අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටමද තවදුරටත් ඉහළ යමින් පවතී.
ඒ අනුව මේ වනවිට කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ජල මාපාංකයේ අගය මීටර් 6.25කි.