මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
දැදුරු ඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන්නේ ඒ හේතුවෙන් දැනට නිකුත් කරන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ධාරිතාවයක් ඉදිරියේදී නිකුත් කිරීමට සිදුවනු ඇති බවයි.
මේ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ජලාශයේ පහළ ප්‍රදේශවල සිටින ජනතාව ගංවතුර අවදානම ගැන වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.