කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබේ.
ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව සදහන්.
මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර නිල්වලා ගඟේ ජල මට්ටමද යළි ඉහළ යමින් පවතින බව වාර්තා වේ.