පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට මහියංගනය පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන සොර බොර වැව ප්රදේශයේ පදිංචි (42) හැවිරිදි විශ්රාමික හමුදා සෙබළෙකි.
මොවුන් දෙදෙනා අතර ඉකුත් 5 වන දින හටගත් පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැකකාරිය විසින් සිය සැමියාට මන්නයකින් පහරදී බරපතළ කැපුම් තුවාල සිදුකර ඇති බවට පොලීසිය පවසයි .
ප්රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි සැමියා මියගොස් තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ වන 40 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.