3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් යොදා ගනිමින් රසකැවිලි නිෂ්පාදනය කරන ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ.
මෙය 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් මඟින් නිපදවන ලොව පළමු ඩිජිටල් බේකරිය ලෙස හඳුන්වයි.
එමෙන්ම මෙම මුද්‍රණ යන්ත්‍රය ලොව පවතින බලපත්‍ර සහිත එකම ආහාර මුද්‍රණ යන්ත්‍රය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම යන්ත්‍රය මඟින් එක් රැයක් තුළ ආහාර නිෂ්පාදන දහස් ගණනක් සිදු කළ හැකි බවත් , මෙම යන්ත්‍රය හරහා රසකැවිලි නිෂ්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් ඩිජිටල් ගොනුවක් නිර්මාණය කළ යුතු බවත් , අනතුරුව එම ඩිජිටල් ගොනුව 3D ආකාරයට පරිවර්තනය කෙරෙන බවත් සඳහන් වේ.