ලොව නගර 173ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉකොනෙමිස්ට් සගරාව විසින් ලොව ජීවත් වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ වියානා නුවර නම් කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය , අධ්‍යාපනය , ස්ථායිතාවය , යටිතල පහසුකම් , පරිසරය යන සාධක පදනම් කර ගනිමින් මෙම තෝරා පත් කර ගැනීම සිදු කර ඇති අතර වසර පහක් තුළ වියානා නුවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය වූ තෙවන අවස්ථාව බව සඳහන් වේ.
දෙවන ස්ථානය ඩෙන්මාර්කයේ කොපන්හේන් නගරයත් තෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයත් තේරී පත් වී ඇති අතර සිඩ්නි , කැනඩාවේ වන්කුවර් , ස්විට්සර්ලන්තයේ සූරිච් , කැනඩාවේ කැල්ගරි , ජිනීවා , ටොරොන්ටෝ , ඔසාකා සහ ඕක්ලන්ඩ් යන නගර ප්‍රථම ස්ථානයේ පසුවන නගර 10 අතරට නම් කර ඇති බව වාර්තා වේ.