තරුණයා අටේ වළේ සැඟ වේ.

නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වළේ මිතුරන් දෙදෙනකු සමඟ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.

මොණරාගල අලියාවත්ත ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි ජෙයකුමාර් ඩිලක්ශන් (17) නැමති තරුණයකු මෙසේ මියගොස් ඇති බවට පොලීසිය පවසා තිබේ.

මොහු නිවාඩුවට නමුණුකුල බූටාවත්තේ සිය මාමාගේ නිවසට පැමිණ මිතුරන් දෙදෙනකු සමඟ නමුණුකුල මියනකදුර පොත්ගල ඔයේ අටේ වලේ දියනෑමට යාමේදී මෙසේ දියේ ගිලී මියගොස් ඇති බවට පොලීසිය සදහන් කර තිබේ.

Exit mobile version