දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැග පැමිණි අදාළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී අනතුරට ලක්ව ඇති බව සදහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකි.