රාත්‍රීයේ යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට උත්සාහ කළ පුද්ගලයෙකු වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක් පොලීසිය මගින් සොයාගෙන තිබේ .
සැකකරු අනුරාධපුර විජය පුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි .