තම නැගණියට අතවර කර ඇයව ගැබිණියක් බවට පත් කළ 25 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 16ක් වන අවිවාහක තරුණියක් ගැබිණියක් බවත්,ඇයට ලිංගික අතවර සිදු කර ඇත්තේ තම සහෝදරයා විසින් බවටත් වන තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබීමත් සමග එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ගැබිණිය හමුවී ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
ඇයගේ එම ප්‍රකාශයට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය, තිස්සෝගම,බෝගොඩයාගම පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
අතවරයට පත්ව මේ වන විට ගැබිණියක් බවට ඇති තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ පිළිබඳ බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.