ව්‍යාජ වීසා බලපත්‍රයක් මගින් රට පනින්න හැදූ තරුණයා මාට්ටු.

කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (08) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණයා සිය නිශ්කාෂණ කටයුතු සිදු කර ගැනීම සදහා ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ ඇතිවූ සැකය මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Exit mobile version