තලවකැලේ, ඉහළ කොත්මලා ජලාශයට වැටුණු තරුණියක් තලවකැලේ නගර වැසියන් හා පොලීසිය එක්ව මහත් පරිශ්රමයක් දරා බේරා ගෙන ඇති බව වාර්තා වේ.
ඉහළ කොත්මලා ජලාශයේ තලවකැලේ සමුපකාර ප්රධාන කාර්යාලය ආශ්රිත දැඩි ගැඹුරකින් යුත් ස්ථානයකට මෙම තරුණිය වැටී ඇති අතර, ඇය ජලාශයේ දලගමින් සිටින අයුරු දැක ඇති නගර වැසියන් ක්ෂණිකව ක්රියාත්මකවීම හේතුවෙන් ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි ව ඇති බව සදහන්.
නගරය වැසියන් කීපදෙනෙකු ජලාශයට පැන ඇය අල්ලා ගෙන සිටියදී අනෙකුත් පිරිස ලණු දමා දැඩි අසීරුවෙන් ගොඩට ගෙන ඇති අතර, පසුව ඇය ප්රතිකාර සඳහා ලිඳුල ප්රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ.
වයස අවුරුදු 24 ක ආගරපතන ප්රදේශයේ තරුණියක් මෙසේ ජලාශයට වැටී සිටියදී ගොඩ ගෙන ඇති බවත්, රැකියාවක් නොමැතිව ඒ පිළිබඳව සිත සිතා ජලාශය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදි ක්ලාන්ත ගතියක් ඇති වී ජලාශයට ඇද වැටුණු බවත් මෙම තරුණිය ප්රකාශ කොට ඇතැයි පොලීසිය පවසයි.