තරුණිය මරා බොරු ලෙඩක් පෙන්වා රෝහල්ගත වෙලා.

හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටී අචිනි තුෂාරි නමැති 22 හැව්රිදි තරුණියක අද (08) අළුයම හෝමාගම උසාවිය පාරේදී ගෙලකපා ඝාතනය කර ඇති බවට වාර්තා වන බවට කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් ප්‍රකාශ කර තිබේ.

ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව සදහන්.

සැකකරු අද (08)අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version