මෙවර ලංවිම සේවකයන්ට දීමනා නෑ.

විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර කිසිදු වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමක් සිදු නොකෙරෙන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව වාර්තා වේ .

එසේම 2015 වසරේ සිට සෑම වසර 3කටම වරක් සිදුකෙරුණු 25%ක වැටුප් වර්ධක ගෙවීම් ද මෙවර නොගෙවීමට තීරණය කර ඇති බවත් එම ලිපියේ සදහන් කර තිබේ .

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මණ්ඩලයේ මෙහෙයුම් හා පරිපාලන වියදම් අඩුකිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

Exit mobile version