පොළොන්නරුව , ගිරිතලේ ජලාශයේ මසුන් හිඟ වීම නිසා එම ප්‍රදේශය ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරත පවුල් ගැටලු රැසකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
උතුරු මැද පළාත් ජලජ ජීවී ආයතනය මඟින් මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වාර්ෂිකව ගිරිතලේ ජලාශයට මසුන් මුදා හැරීම සිදු කළ යුතු වුවත් , වසර 3 කට ආසන්න කාලයක සිට එම ක්‍රියාවලිය සිදු වී නොමැති බවත් , ඒ හේතුවෙන් ධීවරයින්ගේ ආදායම් තත්ත්වය පහළ වැටී ඇති බවත් සඳහන් වේ.
මේ සඳහා නිසි විසඳුම් හැකි ඉක්මනින් ලබා දෙන ලෙස ධීවරයින් විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.