නොවැම්බර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් තුන්ලක්ෂ විසි තුන් දහස් නවසිය දහතුනක් ලැබී ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
පසුගිය විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු දෙවැනි හෝ තෙවැනි වරට විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බවද එම නිවේදනයේ සඳහන්.
මෙවර විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කලින් සැලසුම් කර තිබිණි. එහෙත් 2022 අ.පො.ස. (උසස් පෙළ) සමීක්ෂණ කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව පසුගිය ජූලි 17 වැනිදා ප්‍රකාශයට පත්කර තිබෙන බවත් දරුවන්ගේ වයස සලකා කඩිනමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාගැනීම දෙමාපිය අපේක්ෂාව බැවින් සිසුනටද හැකි ඉක්මනින් විභාගවලට පෙනී සිට ප්‍රතිඵල ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් අමාත්‍යාංශය පවසයි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සාධාරණ කාලයක් ලබා දිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නිවේදනයක් නිකුත් කර තිබේ.